දින 11ක් බාර් වැසේ…

මහනුවර ඇසළ පෙරහර වීදී සංචාරය ආරම්භ කරන හෙට (18) සිට පුරා දින 11 ක් මහනුවර නගර සීමාව ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයක මතපැන් අළෙවි සැල් වසා දැමීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මේ අනුව මහනුවර කඩවත් සතර හා ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයේ සියලුම මත්පැන් අළෙවි සැල්ද කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නත්තරම්පොත ග්‍රාම නිලධාරි වසමේ ප්‍රධාන මාර්ගයට යාබදව ඇති ඉන්ධන පිරවුම් හල දක්වා ඇති සියලුම මත්පැන් අළෙවි සැල්ද වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මහනුවර ඇසළ පෙරහරේ පළමු කුඹල් පෙරහර වීදි සංචාරය කරන අද (17) සිට පෙරහර නිමාවට පත්වන 28 දින දක්වා සුරාසැල් මේ අනුව වසා තැබෙනු ඇත.

මෙයට සමගාමීව මහනුවර මහ නගර සභා සීමාවේ පිහිටි සත්ත්ව මාංශ අළෙවි සැල්ද වසා දැමීමට මහනුවර මහ නගර සභාව පියවර ගෙන ඇත.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *