නලින්දගෙන් තුට්ටු දෙකේ වැඩක්

උපත් පාලනය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ ෆේස්බුක් පිටුවේ පළකල සටහනක් හා ඡායාරූපයක් මේ වන විට දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ දණ්ඩක් මගින් යෑමට ගිය ප්‍රසිද්ධ වීඩියෝවේ දර්ශනයක් කාටුන් ආකාරයට නිර්මාණය කරමින් උපත් පාලනය පිළිබදව මෙම දැනුවත් කිරීම ප්‍රසිද්ධ කර තිබුණා.

එහි සඳහන් වන්නේ උපත්පාලන පෙති භාවිතා කිරීමට වඩා කොන්ඩම් භාවිතා කිරීම වඩාත් සෞඛ්‍ය සම්පන්න බවයි.

එමගින් අනවශ්‍ය ගැබ් ගැනීම් මෙන්ම ලිංගාශ්‍රිත රෝග ඇතිවීම වැළැකෙන බව අදාල සටහනෙහි දැක්වෙනවා.

කෙසේවෙතත් මෙම සටහනට දක්වා ඇති සමාජ මාධ්‍ය ප්‍රතිචාරයන්හී එය දැඩිව විවේචනයට ලක් කර තිබෙනවා.

මාළිමා පාක්ෂිකයින්ම එහි සඳහන් කර ඇත්තේ මෙය ජනතා විමුක්ති පෙරමුණේ අතීත භාවිතයන්ට සම්පූර්ණ පටහැනි බවයි.

තවත් දේශපාලන පක්ෂයක නායකයෙක්ට අපහාසාත්මක සටහන් අමාත්‍යංශයක නිල ෆේස්බුක් පිටුවේ පලකිරීම කෙතරම් දුරට සදාචාර සම්පන්නදැයි ඔවුන් ප්‍රශ්න කර තිබුණා.

කෙසේවෙතත් මීට පෙරද ජනාධිපතිවරයාගේ නිල දමිල ෆේස්බුක් පිටුවේද හිටපු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය සම්බන්ධයෙන්ද දැඩි අපහාසාත්මක සටහනක් පලකර තිබුණා.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය කිසිදු පරීක්ෂනයක් හෝ ක්‍රියාත්මක නොකළ අතර අදාළ ෆේස්බුක් සටහන වැරදීමකින් හෝ පලවීමක් පිළිබදව සමාව ඉල්ලා සිටීමක් සිදුනොකිරීමද විශේෂත්වයක්.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *