නව ඖෂධ වර්ග 10ක් මේ වසරේ දී වෙළදපලට

මෙම වසරේ  දී නව ඖෂධ නිෂ්පාදන 10ක් වෙළෙඳපොළට හදුන්වාදීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පවසනවා.

පෙති හා කරල් මිලියන 4000ක ප්‍රමාණයක් මෙම වසරේ දී නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව එම සංස්ථාව නිකුත් කළ නිවේදනයක සඳහන් වනවා.

මේ වන විටත් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් ඖෂධ වර්ග 70ක් නිෂ්පාදනය කරනු ලබනවා.

මේ අතර ඉතිහාසයේ වැඩිම ඖෂධ නිෂ්පාදනය පසුගිය වසරේ සිදුකිරීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමත්ව ඇති අතර පෙති හා කරල් මිලියන 3625ක් මෙලෙස නිෂ්පාදනය කර තිබෙනවා.

එක් මාසයක් තුළ සිදුකළ වැඩිම ඖෂධ නිෂ්පාදනය වන පෙති හා කරල් මිලියන 385ක ප්‍රමාණය ගිය වසරේ මාර්තු මාසයේ නිෂ්පාදනය කර ඇති බව සඳහන් වනවා.

නව ඖෂධ නිෂ්පාදන 05ක් පසුගිය වසරේ දී වෙළෙඳපොළට හදුන්වා දී ඇති අතර වෛද්‍ය සැපයුම් අංශය ලබාදුන් සියලු ඇණවුම් හිඟයකින් තොරව සැපයීමට ද රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව කටයුතු කර තිබෙනවා.

2025 වර්ෂයේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සමස්ත ආදායම රුපියල් බිලියන 27.06ක් ලෙස සටහන්ව ඇති බව ද එම සංස්ථව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *