නිමල් සිරිපාලට මඟහැරුණු ජනපති සිහිනය

මීට පෙර ජනාධිපති ධුරයට පත්වීමේ සැබෑ සූදානමකින් පසු වූ පුද්ගලයා නිමල් සිරිපාල ද සිල්වා මහතා බවත්, එදා මෛත්‍රීපාල සිරිසේන මහතාටත් ප්‍රථමයෙන් ජනාධිපති ධුරය සඳහා ආරාධනා කර තිබුණේ නිමල් සිරිපාල මහතාට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ “සත්‍යය දිනවමු! හොරුත්, බොරුත් පරදවමු!” මැයෙන් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ කුරුණෑගල දිස්ත්‍රික් සම්මන්ත්‍රණ මාලාවේ 05 වැනි වැඩසටහනට පෙරේදා (12) එක්වෙමින්.

එහෙත්, නිමල් සිරිපාල මහතා එම අවස්ථාවට සහභාගී වීමට ප්‍රමුඛතාවක් නොදැක්වීම හේතුවෙන්, මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරමුණ ගෙන එම අවස්ථාව තමන් සතු කරගත් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

ජනාධිපති ධුරය ලබා ගැනීමට සුදුසුම වයස අවුරුදු 80 සීමාව බවත්, තරුණ වයසේදී එම ධුරය ලබාගෙන විශ්‍රාම ලැබීමෙන් පසු නිකරුණේ ඇවිද සිටීමට සිදුවීම සුදුසු නොවන බවත් ඔහු කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා පැවසුවේ,

“මෙතන කවුරුත් ජනාධිපතිල නෑ. වෙන්න වුවමනාවකුත් නෑ. වෙන්න හිටපු එක්කෙනෙක් හිටියා නිමල් සිරිපාල මහතත්යා.

නිමල් සිරිපාලට ඉස්සෙල්ලා කතා කළාම එයා පොඩ්ඩක් පරක්කු වුන නිසා මෛත්‍රිපාල ඉස්සල්ලා ගිහිල්ලා වැඩේ කරගත්තා. ඒ ඇරුණකොට මෙතන කිසි කෙනෙක් නෑ. දැන් එතුමගෙන් ඒ සිහිනය නෑ. සිහින තියෙන අය ඉන්නවා. හැබැයි ඒගොල්ලොන්ට පාර්ලිමේන්තුවේදිත් මං කිව්වා තරුණ කාලේ ජනාධිපතිකම ගන්න එපා කිව්වා මම මේ ඊයේ පෙරේදා. ඕක ගන්න ඕනේ 80න්. මොකද ජේ.ආර් අවුරුදු 77න් ගත්තේ. ඕක 60න් ගත්තට පස්සේ ආයේ මෙත්‍රීපාල සිරිසේන මහත්තයා වගේ ගෝඪාභය මහත්තයා වගේ ජනාධිපතිලා ඇවිද ඇවිද ඉන්න එක හරි නෑ. අර ජේ.ආර් වගේ මැරෙනකොටම අරගෙන මැරිලා ගියා නම් හරි…”

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *