නීතිපති එළියට ගන්න හදපු කස්සපව මහේස්ත්‍රාත් රිමාන්ඩ් කරලා

බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් මොහොමඩ් සම්සුදීන් මහතා නියෝග කර තිබෙනවා.

වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කරමින් ත්‍රිකුණාමලය මුහුදු තීරයේ නීති විරෝධී ඉදිකිරීම් සිදුකිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් 09 දෙනෙකුට අදාළ නඩුව අද (19) කැඳවනු ලැබුවා.

මෙම නඩුව කැඳවු අවස්ථාවේදි පොලිසිය හා නිතිපති ෙවෙනුනේ පෙනි සිටි රජයෙ නිතිඥවරයා අතර මත ගැටුමක් අද උදෑසන හට ගෙන තිබුණා.

ඒ කස්සප හිමිට ඇප ලබා දිම සම්බන්ධවයි.

අභියාචනා අධිකරණයේ පවතින රිට් පෙත්සමකට අදාළව ඇති කරගත් එකඟතාවක් මත, සැකකරුවන්ට එරෙහිව ඇති වෙරළ සංරක්ෂණ පනත යටතේ වන පළමු චෝදනාව ඉවත් කර ගැනීමට නීතිපතිවරයා තීරණය කර ඇති බව රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටි අතර එයට ත්‍රිකුණාමලය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු පොලිස් කණ්ඩායම දැඩි විරෝධය පළ කළා.

පොලිසිය විසින් නඩුව පවරා තිබෙන බැවින් චෝදනා ඉවත් කර ගැනීමට පොලිසිය එකඟ නොවන බව ඔවුන් අවධාරණය කළා.

පසුව මහේත්‍රාත්වරයා විසින් යම් පනතක් යටතේ තිබෙන චෝදනාවක් ඉවත් කර ගන්නවාද එසේ නොමැතිනම් සමතයකට පත්වනවාද යන්න තීරණය කිරිමට යම් කාලයක් ලබා දුන් අතර ඉන් පසු අධිකරණ තින්දුව ප්‍රකාශ කරන බව පැවසුවා.

අනතුරුව පස්වරු 2.30ට යලි මෙම නඩුව කැඳවු අතර එහිදි සැකකරුවන් වෙනුවෙන් පෙනිසිටි නීතිඥවරුන් පවසා සිටියේ මෙම සිදුවිමට අදාල කාරණයක් මුල් කර ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ දි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙන බවත් ඊ්ට අමතරව තවත් රිට් පෙත්සමක් ගොනු කර තිබෙන බවයි.

එම පෙත්සම් දෙක ඉවත් කර ගැනිමට කිසිසේත් සුදානමක් නොමැති බව ඔවුන් අධිකරණය හමුවේ පවසා සිටියා.

පසුව කරුණු දක්වමින් රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසුවේ සැකකරුවන්ගේ පාර්ශවය විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවත්කර ගැනිමට කිසිදු සුදානමක් නැතිබවට දැනුම් දිමක් සිදු කර තිබෙන බවත් එම පෙත්සම් දෙකේ දි විමර්ශන නිලධාරින්ට දැඩි හානියක් සිදු විය හැකි බැවින් සමතයකට යාම සඳහා කිසිදු සුදානමක් නොමැති බවයි.

දැනට පවතින මූලික අයිතිවාසිකම් පෙත්සම් හා රිට් පෙත්සම්වල අඩංගු කරුණු සම්බන්ධයෙන් විධිමත් ආකාරයෙන් සලකා බැලිමක් සිදු කල යුතු බැවින් වෙරළ සංරක්ෂණ හා වෙරළ සංරක්ෂණ පනත යටතේ තිබෙන චෝදනාව මෙම අවස්ථාවේදි ඉවත් කර නොගන්නා බව රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියා.

ඉන් අනතුරුව සැකකරුවන් වෙනුවෙන් පෙනිසිටි නිතිඥවරුන් තර්කකරමින් පවසා සිටියේ ත්‍රිකුණාමල වෙරළ තීරය සමඟ තිබෙන බුදුපිළිමය ආවරණය කරමින් ඉදිකල ඉදිකිරිම නීතිවිරෝධි නොවන බවයි.

එක් අවස්ථාවක එම නිතිඥවරු විසින් එය වෙරළ සංරක්ෂණ පනත යටතේ ඉදිකිරිමක් නොවන බවට අධිකරණයේ පවසා සිටියා.

මහේස්ත්‍රාත්වරයා විසින් එහිදි ත්‍රිකුණාමල වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනිසිටි නිළධාරියාගෙන් ප්‍රශ්න කරමින් අදාල ඉදිකිරිම ,ඉදිකිරිමක්ද නැද්ද යන්න කරුණු තහවුරු කර ගැනිමක් සිදු කරනු ලැබුවා.

පොලිසිය හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර තිබෙන බී අංකය යටතේ තිබෙන කරුණු සම්බන්ධයෙන් බැලු බැල්මට නඩුවක් තිබෙන බවට එහිදි මහේස්ත්‍රාත්වරයා සැහිමකට පත්ව තිබෙනවා.

තවද වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරන පනත යටතේ චෝදනාවක් තිබියදි ඇප සමබන්ධයෙන් සලකා බැලිමට එම පනතේ 31H වගන්තිය යටතේ න්‍යෙතික හැකියාවක් නොමැති බව මහේස්ත්‍රාත්වරයා කරුණු දක්වමින් පවසා සිටියා.

පසුව මහේස්ත්‍රාත්වරයා විසින් දඩයකට යටත්ව නඩුව කෙටියෙන් අවසන් කර ගැනිමට ඇති හැකියාව මෙන්ම වෙරළ සංරක්ෂණ හා කළමණාකරන පනතේ යටතේ තිබෙන චෝදනාව ඉවත් වනවානම් ඇප ලබා දිම සම්බන්ධයෙන් සලකා බැලිය හැකියි යන කරුණු පෙන්වා දෙනු ලැබුවා.

මහේස්ත්‍රාත්වරයාගේ ඇප සම්බන්ධයෙන් වන නියෝගය අභියෝගයට ලක් කරනවා නම් මහාධිකරණයේ දි ඒ සම්බන්ධව කටයුතු කල හැකි කියනා කාරණා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් මොහොමඩ් සම්සුදීන් මහතා පෙන්වා දෙනු ලැබුවා.

වෙරළ සංරක්ෂණ හා වෙරළ සංරක්ෂණ පනත යටතේ ඇපලබා දිම න්‍යෙතික හැකියාව මහාධිකරණය වෙත තිබෙන බවද මහේස්ත්‍රාත්වරයා මෙහිදි පැවසුවා.

මෙම කරුණු සලකා බැලු අවස්ථාවේදි සැකකරුවන්ගේ පාර්ශවයන් විසින් දීර්ඝ කරුණු දැක්විමක් සිදු කරනු ලැබු අතර ඒ සඳහා මහේස්ත්‍රාත්වරයා විසින් අවස්ථාව ලබා දෙනු ලැබුවා.

මෙම නඩුවේදි නිතිඥවරයා පෙනිසිටි අවස්ථාවලදි පවා සැකකරුවකු ලෙස ඉදිරිපත් කර සිටි බලංගොඩ කස්සප හිමිට ඔවුන්ගේ කරුණු ඉදිරිපත් කිරිමට අවස්ථාව ලබා දි තිබුණා.

ඊට අමතරව අධිකරණ ශාලාවේ සිටි එක් ස්වාමින් වහන්සේ නමක් කරුණු දැක්විමට උත්සහ කර තිබු අතර මහේස්ත්‍රාත්වරයා විසින් එය වලක්වා තිබෙනවා.

මෙම නඩුව සම්බන්ධයෙන් පැය දෙකකට ආසන්න කාලයක සිදු කෙරුණු දිර්ඝ කරනු දැක්විමෙන් අනතුරුව සැකකරුවන් ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබුවා.

වෙළර සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ නීතිඥවරයෙක් පෙනිසිටි අතර සැකකරුවන් වෙනුවෙන් නීතීඥවරු පස්දෙනෙකු පෙනිසිටියා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *