නුවරඑළියට පැමිණි 18 දෙනෙකු අත්අඩංගුවට

සති අන්ත දීර්ඝ නිවාඩුවට විවිධ මත්ද්‍රව්‍ය රැගෙන නුවරඑලියට පැමිණි 18 දෙනෙකු සැක පිට (18) දින අත්අඩංගුවට ගත් බව නුවරඑලිය මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක පී.එස්.සී. සංජීව මහතා පැවසීය.

නුවරඑලියේ (18) දින පැවැත්වෙන සාදයක් සදහා මුහුණු පොත ඔස්සේ හදුනාගත් පිරිසක්ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බවයි නුවරඑලිය මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙමටගොඩ, ගම්පහ, කොළඹ ඇතුලු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි අවුරුදු 18-28ත් වයස් කාණ්ඩවල පසුවන අය බවත්, එම පිරිස සන්තකයේ කුෂ්, හෙරෝයින්, අයිස්, මත් පෙති සහ නීති විරෝධීලෙස මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තිබී සොයා ගත් බවයි නුවරඑලිය මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේය.

නුවරඑලියට පිවිසෙන මාර්ග සියල්ලක්ම ආවරණව වන පරිදි නුවරඑලිය කොට්ඨාශ පොලිස් සුනඛ අංශයේද සහයෝගය ලබා ගෙන පොලිස් මාර්ග බාධක යොදා සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත්, එම සැකකරුවන් නුවරඑලිය මහේස්ත්‍රාත්අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නුවරඑලිය මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා වැඩි දුරටත් කියා සිටියහ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *