නුවර සිට කොළඹට එන දුම්රිය මගීන්ට හෙට සිට විශේෂ බස් රථ

මහනුවර සිට කොළඹ බලා පැමිණෙන දුම්රිය මගීන්ට හෙට (08) අලුයම සිට විශේෂ බස් රථ යෙදවීමට කටයුතු කරන බව ජාතික ගමනා ගමන කොමිශන් සභාව පවසයි.

එම විශේෂ බස් රථවල දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය භාවිත කරමින් ගමන් කිරිමේ හැකියාව පවතින බව ද එහි සභාපති පී.ඒ. චන්ද්‍රපාල මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව උදෑසන 4.00, 4.15 සහ 4.30ට, දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර සහිත මගීන් සඳහා පමණක් වූ ප්‍රවාහන සේවාවක් සැපයීමට කටයුතු කර ඇති බව ඒ මහතා සඳහන් කර සිටියේය.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම බස් රථ ප්‍රමාණවත් නොවන්නේ නම් අමතර බස් රථ ද, ප්‍රවාහනය සඳහා යොදා ගැනීමට නියමිත බවය.

මේ අතර කොළඹ සහ නුවර අතර පොදු ප්‍රවාහන සේවා කටයුතු හෙට සිට ආරම්භ කිරීමට නියමිත බවද මධ්‍ය හමුවට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව කොළඹ සහ නුවර අතර ප්‍රවාහනය සඳහා තෝරාගෙන ඇත්තේ නුවර, කටුගස්තොට, ගලගෙදර, හතරලියද්ද, රඹුක්කන, කරඬුපන, කෑගල්ල, පස්යාල හරහා කොළඹ දක්වා දිවෙන බස් රථ මාර්ගය බව ද ඒ මහතා පැවසීය.

එම මාර්ගය මගීන් සඳහා සුරක්ෂිත මාර්ගය ලෙස ජාතික ගමනාගමන කොමිශන් සභාව, දුරගමන් සේවා බස් වෙනුවෙන් තෝරාගෙන ඇති බව ද චන්ද්‍රපාල මහතා පැවසුවේය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *