“පච මදිවට හොරු – අනුරට බෑ”

ගල් අගුරු වංචාව සිදු කළ පාර්ශ්වයන්ට දඩුවම් ලබා දෙන ලෙසත්, දරාගත නොහැකි ලෙස ඉහළ දමා ඇති ඉන්ධන, ගෑස් සහ විදුලි බිල අඩු කරන ලෙසත් රජයට බල කරමින් රට පුරා උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කිරීමට සමගි ජන බලවේගය සැලසුම් කර ඇත.

එම කරුණු මුල් කරගෙන විපක්‍ෂයේ සෙසු පක්ෂ ඒකාබද්ධව රට පුරා ජනතාව දැනුවත් කිරීමේ,සම්මන්ත්‍රණ,රැස්වීම්,
අත්පත්ති කා බෙදා හැරීම සහ ජනතාව රැස්වෙන ස්ථාන වෙත ගොස් ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාර ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

සමගි ජන බලවේගය විසින් සංවිධානය කළ උද්ඝෝෂණ කිහිපයක් පසුගිය දින කීපයේ රාත්‍රී කාලයේදී ගම්පහ,කුරුණෑගල,මාතර, අනුරාධපුරය ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකදී පැවැත්වීමට කටයුතු කර තිබුණේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙනි.

‘පච මදිවට හොරු, අනුරට බෑ’ යන තේමාව මුල් කර ගත් මෙම විරෝධතා සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් දියත් කිරීමට එහි මූලික පියවර යටතේ සැලසුම් කර තිබේ.

ගෑස්, විදුලි බිල සහ ඉන්ධන මිල අඩු කර ජනතාවට සහන ලබා දෙන ලෙසත් ගල් අගුරු වංචාව සිදු කළ පුද්ගලයන්ට නිසි දඩුවම් ලබා දෙන ලෙසත් ඔවුහු රජයට බල කර සිටිති

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *