රිය අනතුරක් හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල් ගතකර සිටි ඉන්දියාවේ ජනප්‍රිය පන්ජාබි ගායක රාජ්වීර් ජවන්දාගේ මියගොස් තිබෙනවා.
උතුරු ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් මාරාන්තික තුවාල ලබා දින 11 කට පසුවයි 35 හැවිරිදි රාජ්වීර් ජවන්දා මෙලෙස මියගොස් ඇත්තේ.
ඔහු සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී එකවරම මාර්ගයට පැමිණි ගවයන් රෑනක ගැටීමෙන් යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව මෙම අනතුර සිදුව තිබුණා.
රාජ්වීර් ජවන්දාගේ යූ ටියුබ් නාලිකාව පරිශීලනය කරන්නන් නවලක්ෂයකට වඩා සිටින අතර ඔහුගේ සංගීත වීඩියෝ වාර මිලියන ගණනක් නරඹා තිබෙනවා.



