පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ මාරුවීම් පොලිස්පතිවරයාට පැවරීමට එරෙහිව විපක්ෂය විසින් කතානායකවරයාට භාරදුන් යෝජනාව පිළිබඳ සභාව කල් තැබීමේ හදිසි විවාදයක් අද (9) පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී සුජීව සේනසිංහ මහතා විසින් මෙම යෝජනාව කතානායක ජගත් වික්රමරත්න මහතාට භාර දෙනු ලැබීය.
ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත පැවරී තිබූ ස්ථානාධිපතිවරුන් ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධ බලතල විශේෂ ගැසට් නිවේදනයක් මගින් පොලිස් පතිවරයාට පැවරීමෙන් පොලිසිය දේශපාලනීකරණය විය හැකි බව විපක්ෂය පෙන්වා දෙයි.
මේ අතර ජිනීවා මානව හිමිකම් කොමිසමේ යෝජනාව සම්බන්ධයෙන් සහ එම සැසිවාරයේදී ප්රකාශ කළ රජයේ ස්ථාවරය සම්බන්ධයෙයන් විදේශ අමාත්ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්රකාශයක් කිරීමට නියමිතය.



