සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවමක් නියමකර තිබෙනවා.
අයුතු අවහිරය, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තර්ජනය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි, ඔහුගේ රියදුරු සහ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණයේ පැවරූ නඩුවක් විභාග කළ බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්රොට්ස්කි, චමින්ද විජේසිරි සහ රියදුරු බන්දුල රත්නායක යන විත්තිකරුවන් දෙදෙනා චෝදනා හතරකටත් ඇමති ආරක්ෂක සේවයේ පොලිස් නිලධාරී රසික කරුණාතිලක චෝදනා තුනකටත් වැරදිකරු බවට තීරණය කරනු ලැබුවා.
ඒ අදාළ නඩුව අද (28) බදුල්ල මහාධිකරණයේදී කැඳවීමෙන් අනතුරුවය.
කෙසේ නමුත් රියදුරු බන්දුල රත්නායක මිය ගොස් ඇති බවටයි මෙහිදී අනාවරණය වී ඇත්තේ.



