පාසල් වේලාව දීර්ඝ කිරීමේ තීරණය ගැන අගමැති කියන කතාව

පාසල් කාලය පැය භාගයකින් දීර්ඝ කිරීමේ තීරණය ගනු ලැබුවේ වෘත්තීය සමිති ඇතුළු අදාළ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව අග්‍රාමාත්‍ය අචාර්යය හරිනි අමරසූරිය මෙනෙවිය පවසන්නීය.

වෙනස්කම් සිදුකිරීමේදී විවිධ අදහස් මතුවීම සාමාන්‍ය තත්ත්වයක් බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙයි.

කෙසේවෙතත් පාසල් පැවැත්වෙන කාලය දීර්ඝ කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ කිසිදු කරුණු අධ්‍යයනයකින්
කිරීමකින් තොරව බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය පවසයි.

ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව මහතා පැවසුවේ, ආණ්ඩුව එම තීරණය ගැනීමට හේතුවු කරුණු සම්බන්ධයෙන් අනාවරණය කළ යුතු බවය.

සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමි පැවසුවේ, අදාළ තීරණය සම්බන්ධයෙන් පැවැත්වු සාකච්ඡාවලදී මේ දක්වා කිසිදු එකඟතාවක් පළ කර නොමැති බවය.

කෙසේවෙතත් පාසල් වේලාව වැඩි කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කුලියාපිටිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය අචාර්යය හරිනි අමරසූරිය ‍මෙනවිය පළ කළේ මෙවන් අදහසකි.

“අපි මේ අවුරුද්ද පුරාම වෘත්තීය සමිති එක්ක සාකච්ඡා කරා. සංවාද කරා. ඒ විතරක් නෙමෙයි අපි ගුරුවරු එක්කත් විදුහල්පතිවරු එක්කත් සාකච්ඡා කළා. ඒ හරහා තමා පැය භාගයක වැඩිකිරීමක් කරන්න අපි තීරණය කරලා තියෙන්නේ. සති දෙකකට විතර කලින් අමාත්‍යාංශයෙනුත් ඒ පිළිබඳ චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. මේක කරන හැටි මොඩල් ටයිම්ටේබල් විදුහල්පතිවරුන්ට යවලා තියෙනවා. මේ වගේ වෙනසක් එද්දි විවිධ අදහස් එන එක සාමාන්‍යයි. බිම් මට්ටමේ මේක ක්‍රියාත්මක කරන්න බැහැ කියලා ලොකු විරෝධයක් පේන්න නෑ.”

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *