පියතුමාට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදී

කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් 6 දෙනාගේ වැඩ තහනමට ලක් කර තිබේ.

සැකකරුවන් ඊයේ (26) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඒ අනුව ලබන 29 වැනිදා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සිදු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *