පොලිස් රාජකාරියට බාධාකළ කාන්තාව රක්ෂිත බන්ධනාගාරයට

රථවාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී පොලිස් රාජකාරියට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරිනු කාන්තාව ලබන සඳුදා(03) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඇයව අද (11) උඩුගම්පොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය කර ඇත.

වීඩියෝවේ, අදාළ කාන්තාව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ සහෝදරියක් බව පවසමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරිවලට බාධා කරන ආකාරය දක්නට ලැබේ.

කෙසේ වෙතත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු (DIG) සමඟ ඥාතිත්වයක් ඇති බවට සැකකරු කරන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිස් මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *