පොළොන්නරුවේ ‘හාවා’ අත්අඩංගුවට

හෙරොයින් විකුණා උපයාගත් බවට සැකකරන රුපියල් තිස්ලක්ෂ විසිහත්දාසක මුදලක් ඇතුළු හෙරෝයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම්  තුන්සියයක් සමග පොළොන්නරුව බැඳිවැව මාඔය ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඊයේ (17)  සවස අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය කියයි.

සැකකරු වසර පහක කාලයක සිට මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර ” හාවා ” නමින් ප්‍රසිද්ධ ඔහු අවුරුදු 28 ක් වයසති පොලොන්නරුව බැදිවැව මහඔය ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකි.

පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතාට ලද තොරතුරක් මත, පොලොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂක පී.පී.කේ. පතිරණ මහතා ඇතුළු පොලිස් නිලධාරිය කණ්ඩායමක් මෙන්ම නිල සුනඛ අංශය එක්ව මෙම මෙහෙයුම සිදුකර තිබේ.

අත්අඩංගුවටත් සැකකරු පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයකට හෙරෝයින් බෙදාහැර ඇති, ප්‍රධාන ජාවාරම්කරුවෙකු බවත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හෙරොයින් ජාවාරම්කරුවෙකු සතුව අත්අඩංගුවට ගත් විශාලතම මුදල් තොගය මෙය වන බවද ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන පොළොන්නරුව පොලිසිය සඳහන් කරයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *