රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ත්‍රිකුණාමල බන්ධනාගාරයෙන් ලබාදෙන ආහාර වේල ඊයේ දහවල් අනුභව කිරීම ප්‍රතික්ෂේප කළ අතර පසුව උන්වහන්සේ, පස්වරුවේ යළි ආහාර ලබා ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී ගජනායක ප්‍රකාශ කළා.
උන්වහන්සේ, තවත් හිමිවරුන් තුන්දෙනෙකු ඇතුලු නව දෙනෙකු ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා නියෝග කළේ ත්‍රිකුණාමලය, ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමට වහලයක් සහ ආවරණයක් සකස් කිරීමේදී වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කිරීමේ චෝදනාවටයි.



