බුද්ධ ප්‍රතිමා ඉවත්කර, භික්ෂුන්ට පහරදීම පිළිකුල් !

ත්‍රිකුණාමලය කොටුව පාරේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානය ආශ්‍රිතව ඊයේ (16) වනදා සිදුවූ සිදුවීම් පිළිකුලෙන් යුතුව තරයේ හෙළාදකින බවත් එහිදි බුදු පිළිම ඉවත් කිරීමට සහ භික්ෂුන් වහන්සේලාට පහරදීමට පොලිසිය කටයුතු කළේ කවරෙකුගේ වුවමනාවකටදැයි ප්‍රශ්න සහගත බවත් අවධාරණය කරමින් ශ්‍රී ලංකාවේ අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රි මුර්ති මහානායක ස්ථවිර විසින් ජනාධිපති අනුර දිසානායකට අද (17) ලිපියක් යොමුකර තිබේ.

පොලිසිය සිදුකළ අදාළ පහරදීමෙන් විහාරාධිපති හිමියන්ට රෝහල් ගතවීමට සිදුව ඇති බවත්, මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තිය අමුඅමුවේ උල්ලංඝනය කිරීමක් බවත් උන්වහන්සේ සිය ලිපියෙන් දක්වා තිබේ.

එසේම  විහාරස්ථානය කඩානොදමා, භික්ෂූන් වහන්සේලාගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසද උන්වහන්සේ ලිය ලිපියෙන් ජනාධිපතිවරයාට දැනුම්දී තිබේ.

ශ්‍රී ලංකාවේ අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රි මුර්ති මහානායක ස්ථවිර විසින් ජනාධිපති අනුර දිසානායකට යොමුකළ ලිපිය පහත දැක්වෙයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *