“මනමාලි නැතුව මගුල ගන්න බෑ.. අගමැතිනිව ගෙන්නන්න නැකත් බලලා මගුල ගමු”

ඊයේ(22) රැස්වූ පාර්ලිමේන්තුවේදි මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිලිබදව අදහස් ඉදිරිපත් කළේය. එහිදී ඔහු පවසා සිටියේ සියලුම විපක්ෂ සාමාජිකයන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට විරුද්ධ නොවන බවයි.

එමෙන්ම මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ජනපති විසින් විවිධ හේතූන් ඉදිරිපත් කරමින් කල් දැමූ බවයි. එම මොඩියුල පොත් තුල සමලිංගික වෙබ් ලින්ක් එක්කල බවත් ක්‍රියාත්මක නොවන කේත ඇතුලත් කර ඇති බවත් චෝදනා කලේය.

රටේ ගුරු හිගයක් ඇති බවත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අවශ්‍ය ලෙස ගුරුවරුන් පුහුණු කිරීමට මෙම රජය අපොහොසත් වූ බවත් පෙන්වා දුන්නේය.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ,

” දැන් මේ අධ්‍යාපන ඇමති සම්බන්ධයෙන් විවාදය කරන්න ඕනේ කිව්වා.නලින්ද ජයතිස්ස ඇමති කිව්වා.හැබැයි විවාදය පටන් ගන්න චූදිතයා නෑ.ඒ කියන්නේ මගුල් ගේ ගමු කියනවා මනමාලි නැතුව.මනමාලි ඉන්න එපැයි මගුල් ගේ ගන්න.මනමාලිව ස්විස්ටර්ලන්තෙ යවලා මේගොල්ලො කියනවා මගුල ගමු කියලා.අන්තිමේ මගුල ගන්න වෙන්නේ මටයි නලින්දටයි.එහෙම බෑ.ඒ විෂයේ අපි නෑ.මෙයාලා හදන්නේ අගමැතිතුමිය නැති වෙලාවේ විවාදය කරලා එයාට උත්තර දෙන්න තියෙන ටයිම් එක නැති කරලා අගමැතිනියට ශොට් එක දෙන්න.ඒවට අපි අහුවෙන්නෑ.ඕගොල්ලෝ ගෙනාව අගමැතිනියව ඕගොල්ලෝ උස්සන් යන්න ඒක අපේ කරේ තියලා යවන්න එපා.ඒ නිසා මනමාලිව ගෙනල්ලා ඉන්න.ආයෙ නැකත් බලන්න තියෙනවා.පොරොන්දම් බලන්න තියෙනවා.ඒවා කරලා මගුල ගමු” ලෙසයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *