මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන ජනපතිට විශ්‍රාම වැටුප් දෙකක්

නීතියේ ආධිපත්‍ය සුරකින බවට පොරොන්දු දී බලයට පැමිණි වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව රට අරාජිකත්වය කරා ගෙනයමින් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය උප සභාපති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන ජනාධිපති අනුර කුමාර දිසානායක තමන්ට විශ්‍රාම වැටුප් දෙකක් හිමි වෙන පරිදි පනත සකස්කර ඇතිි බව හෙතෙම අනාවරණය කළේය.

කොළඹදී මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව අනාවරණය කළ විජයදාස රාජපක්ෂ මහතා තවදුරටත් කියා සිටියේ
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස අවුරුදු පහ සම්පූර්ණ කර ඇති හිටපු ජනාධිපතිවරු සියලු දෙනාට විශ්‍රාම වැටුප් දෙකක් හිමිවන බවයි.

එම මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ විජයදාස රාජපක්ෂ මහතා මෙසේද පැවසීය..

රටේ ජනතාව සුභවාදී බලාපොරොත්තු තබාගෙන වත්මන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයා බලයට ගෙන ඒමට කටයුතු කළා.

ජනතාව බලාපොරොත්තු වුණේ ජනාධිපතිවරයා බලයට ඒමට පෙර තම තම මැතිවරණතම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ලබා දුන් ප්‍රථම පොරොන්දුව වන නීතියේ ආධිපත්‍ය තහවුරු කරනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වුණා.

නීතියේ ආධිපත්‍ය තහවුරු කරන බවට පොරොන්දු දී බලයට පැමිණි ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මාස ගණනක් තිස්සේ තවමත් විගණකාධිපතිවරයා පත්කර නැහැ.

මේ අනුව රජය සියලු වංචා දූෂණ යට ගැසීම සඳහා වන හොඳම ක්‍රමවේදය තෝරාගෙන තිබෙනවා.රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විගණකා අධිපතිවරයෙක් නොමැතිව රට පවත්වාගෙන යා නොහැකියි.

ඒ වගේම ව්‍යවස්ථාවට අනුව අග විනිසුරු වරයෙක් නොමැතිව එක දිනක් වත් රට ඉදිරියට ගෙනයන්නබැහැ.නීතිපතිවරයා නැතුවත් රට ඉදිරියට ගෙනයන්නන බැහැ.එහෙම ගෙන යනවා නම්ඒ ගෙනයන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගහලයි.

මේ අනුව වත්මන් ආණ්ඩුවට විගණකාධිපති ධූරයට සුදුසු පුද්ගලයෙක් සොයා ගැනීමට මෙතෙක් නොහැකි වීමෙන් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ අසාර්ථක බවයි.

වත්මන් ආණ්ඩුව මේ රටේ යුත්තිය පසිඳලීමේ ක්‍රියාවලිය බිඳ වට්ටන්න උත්සාහ කරනවා ඒ සඳහා නීති නීතිපති දෙපාර්තමේන්තුව අකර්මණ්‍ය කිරීමට රජයේ පාර්ශ්ව යොදවා උද්ඝෝෂණ පවත්වනවා නීතිපති එළවා දමන්න කටයුතු කරනවා.මෙවැනි ක්‍රියා අපේ රටේ කිසිදු කාලයක සිදු නොවූ අසීලාචාර දේශපාලන සංස්කෘතියේ ආරම්භයක් බව කිව යුතුයි.

ආණ්ඩුව තමන්ගේ සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා වත්මන් නීතිපතිවරයා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ගෝලයෙක් ලෙස හංවඩු ගහනවා.වත්මන් නීතිපති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කළ බවව ඇත්ත.

නමුත් ඊට පෙර එම ධුරය සඳහා පාලිත රණසිංහ මැතිතුමා ගේ නම යෝජනා කර ව්‍යවස්ථාදායක සභාවට යොමු කළා. ඊට කවුරුත් විරුද්ධ වුනේනැහැ . එහෙම විරුද්ධ නොවුනේ වංචා දූෂණ හෝ වෙනයම් අකටයුත්තකට සම්බන්ධ නැතිව චෝදනා නැති එම දෙපාර්තමේන්තුවේව චෝදනා නැති එම දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨයෙක් ඒ ධූරය සඳහා පත් කර ගත යුතුය යන සම්ප්‍රදාය නිසයි.

රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව වර්තමානයේ පවතින නඩුවට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුවේ විවිධ මත තිබෙනවා තිබෙනවා. එය ඕනෑම නඩුවකට මතුවිය හැකි කාරණයක් බව කිව යුතුයි.නමුත් අපට මාධ්‍ය මගින් දැනගන්න ලැබුණා මේ සිද්ධිය සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ප්‍රශ්නයක් මතුව තිබෙන බව.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාව සිටියදී ලන්ඩන් ගොස් ඔහු ආපසු පැමිණෙන ගමනේ දී මුදලක් වියදම් කළාය කියන කාරණය සම්බන්ධව නඩුවක් පවරා තිබෙනවා.

ඊට අදාළව කරුණු සොයන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ලන්ඩන් නුවරට ගියා.මෙහි බරපතළ වරදක් සිදුව තිබෙනවා.එලෙස තම නිලධාරීන් පිටත්කර යවන්න පොලිස්පතිවරයාට බලයක් තිබෙනවාද..?
එහෙම නැතිනම් ඔහු නීතිය දන්නේ නැද්ද.?මේ සිද්ධියේදී ඔහු නීතිපතිගේ වත් උපදෙස් ලබාගෙන නැහැ.

2021 අංක 25 දරන අන්‍යෝන්‍ය ලෙස අපරාධව සහාය ලබා ගැනීමේ පනතට අනුව මෙහිදී ක්‍රියාකළළ යුතුයි.එම පනතට අනුව ලංකාවේ පුද්ගලයෙක් වෙනත් රටකදී යම් නීති විරෝධී කටයුත්තක යෙදී ඇත්නම් ඒ පිළිබඳව ධ්‍යම අධිකාරියක් පිහිටුවා ඒ ගැන කරුණු සොයන්න අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්ට බලය ලබා දීතිබෙනවා.

ඒ අනුව මෙරට නඩු පවරන කාරණයක් සම්බන්ධව විදේශ රටක විමර්ශනයක් කරන්න අවශ්‍ය නම් නීතිපතිවරයා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්ගෙන් ඉල්ලීමක් කළ යුතුයි.

ඉන්පසු අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා එරට සිටින අපේ මහ කොමසාරිස්වරයා මාර්ගයෙන් බ්‍රිතාන්‍ය රජයට දැනුම් දී එරට නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල සහාය ඉල්ලා සිටිය යුතුයි.

නමුත් මේ කටයුත්තේ කටයුත්තේදී ඒ ක්‍රමවේදය අනුගමනය කර නැහැ.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ට හිතුමතේට එරට ගොස් තොරතුරු ලබාගෙන නැවත පැමිණ ක්‍රියාත්මක කරන්න හදනවා.

ඒ අනුව මේ ප්‍රශ්නයේදී නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයින් අතර මත ගැටුමක් ඇතිවී තිබෙනවා.මතවාදීව එය විසඳා ගැනීමට ඒ අයට අවස්ථාව ලබාදිය යුතුයි.

නමුත් මේ ආණ්ඩුව අද උත්සාහ කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුව අසලට තම හිතවතුන් යවා උද්ඝෝෂණය කර පාතාලය වගේ ක්‍රියා කිරීමටයි.මෙරට ඉතිහාසයේ මෙවැනි දේවල් සිදුවී නැහැ.

නීතිපතිගේ නියෝගය රජයට හෝ වෙන කාටවත් අභියෝගයට ලක් කරන්න බැහැ. ඒ සඳහා අධිකරණය තිබෙනවා. නමුත් අද ආණ්ඩුව නීතියට පිටින් කටයුතු කරනවා.

මේ ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා දෙයක් ගෙනවිත් තිබෙනවා. මෙය ප්‍රතිසංස්කරණයක් ලෙස අපට පිළිගන්න බැහැ.ඔවුන් ප්‍රතිසංස්කරණ යැයි කියා ගන්නා ක්‍රියාවලිය හමුවේ ආණ්ඩුව දෙකට බෙදී තිබෙනවා.කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව ගෙන එන ලද එම ප්‍රතිසංස්කරණ ජනාධිපතිවරයා ලබන වසර දක්වා කල් දෙමුවා.නමුත් අගමැතිවරියගේ පිරිසක් ඒවා ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණය කරනවා.

මෙතෙක් මේ රටේ ආණ්ඩුවල ක්‍රියාකාරීත්වයට විරුද්ධව විපක්ෂය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි කලා.නමුත් අද සිදුවන්නේ ඒකේ අනික් පැත්ත අද ආණ්ඩුව ආණ්ඩුවට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනවා.මෙය අවාසනාවන්ත තත්ත්වයක් බව කිව යුතුයි.

වත්මන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට නව පනතක් ඉදිරිපත් කර තිබෙනවා. ඔහු එම පනත ගෙනැවිත් තිබෙන්නේ ඔහුගේ විශ්‍රාම වැටුප් දෙක ආරක්ෂා කර ගනිමින් බව පැහැදිලියි.

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ නව පනතට අනුව ජනාධිපතිවරයා ලෙස දින පහක් සේවය කලත් ඔහුට ඒ සඳහා විශ්‍රාම වැටුප හිමි වෙනවා.ඊට අමතරව ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස විශ්‍රාම ගොස් සිටින බැවින් ඒ විශ්‍රාම වැටුපත් ඔහුට හිමිවෙනවා.

මේ අනුව බලන විට විශ්‍රාම වැටුප් දෙක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට පමණක් නොව පාර්ලිමේන්තුවේ අවුරුදු
පහක් සිට ජනාධිපති වූ සියලු දෙනාට හිමිවෙනවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *