මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (24) පියවර ගෙන තිබේ.

ඒ මන්ත්‍රීවරයාට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින කොටුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළව නඩුවකට අදාළව පෙනී නොසිටීම හේතුවෙනි.

නඩුවට අදාළව මන්ත්‍රීවරයා මෙලෙස අද පෙනී නොසිටි අතර නඩුව විභාගයට ගන්නා අවස්ථාවේදී ඔහුගේ ඇපකරුවන්ද අධිකරණයේ පෙනී සිට නොමැත.

ඒ අනුව කොටුව මන්ත්‍රීවරයාට වරෙන්තු නිකුත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගෙන ඇත.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *