මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කරන ගැසට්ටුව නිකුත් කෙරේ

ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි මෙම ගැසට් නිවේදනය පල කර තිබෙනවා.

මෙම පනත “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත” යනුවෙන් හඳුන්වනු ලබනවා.

ඒ අනුව, ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත මෙයින් ඉවත් කරනු ලැබේ.

සැක දුරු කිරීම සඳහා, මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනයට පෙරාතුව, ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනතේ විධිවිධාන ප්‍රකාර, 1982 අංක 1 දරන පනතේ 9 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර හෝ 1990 අංක 47 දරන පනතේ 9 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම ඇති සහ ඉහත සඳහන් විධි විධාන යටතේ විශ්‍රාම වැටුපක් ලබන යම් තැනැත්තකුට මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සහ එම දිනයට පසුව එම විශ්‍රාම වැටුප ලැබීම නතර විය යුතු බවට මෙයින් ප්‍රකාශ කරනු ලැබේ.

සම්පූර්ණ ගැසට්ටුව පහතින්,

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *