තමන් බලයට පත්වුවහොත් ලක්ෂ 12කට වැනි මුදලකට ‘විට්ස්’ (Vitz) වර්ගයේ මෝටර් රථ ලබාදෙන බවට ප්‍රකාශ කළේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකරන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ විපක්ෂ නායකවරයා විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
එහිදී විපක්ෂ නායකවරයාට සෘජු අභියෝගයක් එල්ල කරමින් නලින් හේවගේ මහතා සඳහන් කළේ,
“මම ඊයේ උදෙත් දැක්කා විපක්ෂ නායකවරයා කියනවා මේ ගැන. ඔබතුමිය විතරක් නෙවෙයි විපක්ෂ නායකවරයා කියනවා විට්ස් කාර් එකක් ලක්ෂ 12 ට දෙනවා කිව්වලු. මම සජිත් ප්‍රේමදාස නමැති විපක්ෂ නායකවරයට කියනවා ලක්ෂ 12ට විට්ස් කාර් එකක් දෙනවා කියලා කොහේ හරි මම කියලා තියෙනවා නම් ඔප්පු කරන්න මම ඉල්ලා අස්වෙනවා. නැත්නම් ඒක ඔප්පු කරගන්න බැරි විපක්ෂ නායක ඉල්ලා අස් වෙන්න ඕනේ..”



