වර්තමාන ආණ්ඩුව දිනෙන් දින අගාධයට යමින් පවතින බවත්, පාලකයන්ට රට පාලනය කිරීමට කිසිදු හැකියාවක් නොමැති බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක් කළේය.
පසුගිය මැතිවරණ සමයේ ආණ්ඩුව තමන්ව “මල් පැල” ලෙස හඳුන්වා ගත්තද, වසරක් ගත වන විට එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බව මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.
“පසුගිය අවුරුද්දේ මල් පැල 159ක් ලෙස පෙනී සිටි පිරිස දැන් මෙලෝ වැඩක් නැති වල් ගස්, ගොං ගස්, ලාඩප්ප ගස් සහ කටු පඳුරු ලෙස වැඩී තිබෙනවා. ඔවුන්ගෙන් රටට කිසිදු සෙතක් වෙන්නේ නැහැ,” යනුවෙන් මන්ත‍්‍රීවරයා පැවසීය.
දැනට සිටින ඇමති මණ්ඩලය කිසිදු දැක්මක් හෝ හැකියාවක් නොමැති “වැඩබැරි” පිරිසක් බව පෙන්වා දුන් නලීන් බණ්ඩාර මහතා, ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරමින් කියා සිටියේ වහාම කැබිනට් සංශෝධනයක් සිදු කරන ලෙසයි.
ආණ්ඩුවේ සිටින 159 දෙනා අතරින් රට ඉදිරියට ගෙන යා හැකි, වැඩදායක “එක පැලයක්” හෝ ඇත්දැයි සොයා බලා ඔවුන්ට වගකීම් පවරන ලෙසත්, එසේ නොමැති වුවහොත් රට තවදුරටත් ආපස්සට යනු ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.



