හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටි කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි නිල නිවස ඇතුළු ඇමතිවරුන්ට අයත්ව තිබූ නිල නිවාස කිහිපයක් සම්බන්ධයෙන් පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මන්ත්‍රී කණ්ඩායම අතර පැවැති හමුවේදී සාකච්ඡා වී තිබෙනවා.
“ආයෝජනවලට දෙනවා කියූ ඇමතිවරුන් හිටපු කොළඹ ගෙවල්වල දැන් මහාධිකරණ පිහිටුවන්නට යාම ගැන ද සමාජයේ කතාබහට ලක්වෙලා”.යනුවෙන් ඵහි සිටි මන්ත්‍රීවරයෙක් පැවසුවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කීවේ ආණ්ඩුව කටින් බතල කොළ හිටවීමේ තවත් අවස්ථාවක් ලෙස මෙය නම් කළ හැකි බවයි.
” කියවන කොට කිව්වේ මේ ගෙවල් කෝටි ගණන් ආයෝජනවලට දෙනවා කියලා.දැන් ඒවා උසාවි හතරකට දීලා.
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් රනිල්ට පෙන්වා දුන්නේ මහින්ද මහත්තයා හිටපු කොළඹ 07 විජේරාම මාවතේ නිල නිවසේ උසාවි දැමීමෙන් ඵ් අවට විශාල මාර්ග තදබදයක් ඇතිවීමේ අවදානමක් තිබෙන බවයි.
පාසල් කිහිපයක්ම එහි පවතින බැවින් ඒ තදබදය තවත් තීව්‍ර වන බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.
” අටුව කඩලා පුටුව හදනවා කියලා කියන්නේ ඔය වගේ දේවල් වලට තමයි” රනිල් සැහැල්ලුවෙන් ප්‍රකාශ කළා.



