මහීපාල බිරිඳගේ හෝටලය කඩා ඉවත් කරයි

උතුරු මැද පළාත් හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් විසින් අනුරාධපුර – පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ අනවසරෙන් ඉදි කළ බව කියන හෝටලය කඩා ඉවත් කර ගෙන තිබෙනවා.

මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක සඳහන් කළේ මසක් ඇතුළත අදාළ ගොඩනැගිල්ල කඩා ඉවත් කරගන්නා ලෙසට දැනුම් දී තිබූ බවයි.

හිටපු ආණ්ඩුකාරවරයා සිය බලතල නීති විරෝධී අයුරින් භාවිත කරමින් සිය බිරිදගේ නමට අදාළ හෝටලය ඉදිකර තිබූ අතර ඒ අනුවයි අදාළ ගොඩනැගිල්ල කඩා ඉවත් කරගන්නා ලෙස පසුගිය මස 18 වැනිදා ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ඇයට ලිපියකින් දැනුම් දී තිබුණේ.

එසේ කඩා ඉවත් නොකලහොත් අදාළ ගොඩනැගිල්ල ඉවත් කරන ලෙස ප්‍රාදේශීයීය ලේකම්වරයා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට ද දැනුම් දී තිබුණා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *