“මාලිමාවට ඡන්දෙ දුන්නට සමාවෙන්න..”

ප්‍රවීණ සාහිත්‍යවේදී රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ දියණිය වන සම්මානී විජේසිංහ මහත්මිය, තමන් මෙතෙක් නියෝජනය කළ ජාතික ජන බලවේගය (NPP) සහ ජනතා විමුක්ති පෙරමුණ (JVP) දේශපාලන කඳවුරෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව නිවේදනය කර තිබෙනවා.

සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් ඇය කියා සිටියේ, වර්තමාන රජය බලයට පත් කිරීම සඳහා තමන් ලියූ අකුරක්, කතා කළ වචනයක් හෝ කිසියම් ක්‍රියාවක් හේතුවෙන් යම් අයෙකු ඡන්දය භාවිත කිරීමට පෙළඹුණේ නම්, ඒ පිළිබඳව තමන් එම ජනතාවගෙන් සමාව අයදින බවයි.

මහ මැතිවරණය අවසන් වීමෙන් පසුවම තමන් මෙම දේශපාලන කඳවුරෙන් ඉවත් වූ බවත්, එහෙත් ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ සඳහන් කිරීම අනවශ්‍ය යැයි සිතූ බවත් ඇය සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, වත්මන් තත්ත්වය හමුවේ එවැනි සටහනක් තැබීම අත්‍යවශ්‍ය බව හැඟී ගිය බැවින් මෙම දැනුම්දීම සිදු කරන බව ඇය වැඩිදුරටත් දක්වා තිබෙනවා.

NPP හෝ JVP කඳවුරෙන් බැහැරව, රටට, ලෝකයට සහ දරුවන්ට යහපත් යමක් කළ හැකි ඕනෑම පාර්ශවයක් සමඟ එක්ව යහපත් දේ වෙනුවෙන් පෙනී සිටින බවද ඇය සිය සටහනෙන් පෙන්වා දී තිබෙනවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *