මාලිමාවට සහාය දැක්වූ ශ්‍රීලනිප පුංචි මන්ත්‍රීවරුන්ට විනය පියවර

පළාත් පාලන ආයතනවල මෙවර අයවැය සම්මත කිරීමේදී ජාතික ජන බලවේගයට සහයෝගය ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභිකයින් සම්බන්ධව දැඩි විනය පියවර ගන්නා බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කර ඇත්තේ දැනටමත් ජාතික ජනබලවේගය පක්ෂව ඡන්දය ලබා දුන් සභිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමටද පියවර ගෙන ඇති බවය.

මේ පිළිබඳව ඔවුන්ගෙන් දැනටමත් නිදහසට කරුණු විමසා ඔවුන්ට එරෙහිව දැඩි විනය පියවර ගැනීමට නියමිත බවද එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *