“මිහිඳු හාමුදුරුගෙන් ආණ්ඩුව පළිගත්තා..”

ශ්‍රී ලංකාවේ පොදු මහජනතාව කිසිසේත්ම ණය නොමැති බවත්, රට ණය උගුලකට ඇද දැමූ උදම් වූ පාලකයින් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කර ඇති බවත් මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ පවසනවා.

උන්වහන්සේ මෙම අදහස් පල කළේ, ඊයේ (28) පැවති ආලෝක පූජාව අතරතුරයි.

රජය විසින් මිහිඳු මහරහතන් වහන්සේගෙන් පළි අරගෙන ඇති බවත්, සමස්ත රටේ ජනතාව වෙනුවෙන් මෙම පොසොන් පිංකම ගැසට් කර ඇති බවත් උන්වහන්සේ සඳහන් කලා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ,

“මේ රටේ මිනිස්සු ණය නෑ. පාලකයෝ ණයයි. ඒ අය උදම් වෙලා අපි එන්නේ නැහැ, අපිට වැඩක් නෑ කියලා ගෙන්නන්නම බඩු. ඉතින් ඒ අය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරලා තියෙන්නේ. මේ ගැසට් එක කරේ නෑ. සමස්ත ලංකාවෙ මිනිස්සු වෙනුවෙන් මේ පිංකම ගැසට් කරලා තියෙන්නේ. මං වෙනුවෙන් නෙවෙයි. මේ රටේ සමස්ත ජනී ජනයා වර්ගයා වෙනුවෙන් මේ පිංකම සිද්ධ වෙන්නේ. මේ පඩිපෙළේ දෙමළ සිංහල මුස්ලිම් කියන ජන වර්ගයා ගමන් කරනවා. ඒ මිනිස්සුන්ගෙන් තමයි මේ ගැනීමේ පලිය අරන් තියෙන්නේ. සම්මා සම්බුද්ධ ශාසනයේ මිහිඳු මහරහතන් වහන්සේගෙන් පලිය අරන් තියෙන්නේ.”

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *