මීගමුවෙන් මාරු කළ රැඳවියන්ගේ නඩු සූම්වලින් අහන්න තීරණයක්

මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවු රැඳවියන්ගේ නඩු කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව, හෙට (14) සිට නඩු කටයුතු සදහා මුහුණදීමට සිටින බන්ධනාගාර රැඳවියන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඒ සඳහා යොමු කිරීමට සැළසුම් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී ගජනායක මහතා සඳහන් කළා.

පසුගියදා මීගමුව බන්ධනාගාරයේ ඇති වු ගැටුමත් සමඟ බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත යොමු කිරීමට පියවර ගනු ලැබුවා.

එලෙස වෙනත් බන්ධනාගාර වෙත යොමු කෙරුණු රැඳවියන් නඩු කටයුතු සදහා අධිකරණ වෙත ගෙන ඒමට පහසුකම් සැළසීම ගැටලුවක් වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එබැවින් අදාළ රැඳවියන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු කටයුතු සදහා යොමු කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී ගජනායක මහතා සඳහන් කළා.

මේ අතර, මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇති වු ගැටුමින් සිදුවු හානිය පිළිබදව තක්සේරු කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා

බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඒ සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති තිබෙනවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *