තමන්ට ලැබෙන වරප්‍රසාද නොලැබේවි යැයි බියෙන් ඇතැම් නායක හිමිවරුන් අද පැවති සංඝ සම්මේලනයට නොපැමිණි බව නාරාහේන්පිට අභයාරාම විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.
වරප්‍රසාද අහිමිවේ යැයි බියෙන් පසුවට භික්ෂූන්වහන්සේලාට හා මහනායක හිමිවරුන් අමතමින් උන්වහන්සේ සඳහන් කළේ තමන්ට ඇති දානපති දායකයින් ලවා උන්වහන්සේලාගේ අඩුපාඩු සම්පූර්ණ කර දිය හැකි බවයි.
තමන්ට දානපතියන් නොමැතිවී ඇත්තේ මේ වන විට සංඝයාවහන්සේලා හට ඇතිවී ඇති විපත්තීන් වළක්වා ගැනීමට බැවින් ඒවා වළක්වා ගත හැක්කේ මහා සංඝරත්නයටම පමණක් බව රැස්ව සිටි භික්ෂූන්වහන්සේලා අමතමින් ආනන්ද හිමියන් සදහන් කළා.
මෙම සඟ සමුළුව කිසිම දේශපාලන බලවේගයකට අනුව ක්‍රියාත්මක වූවක් නොවූවත් මෙම ස්ථානයට විවිධ දේශපාලන පක්ෂ නායකයින් පැමිණ සිටින බව මුරුත්තේට්ටුවේ ආනන්ද හිමියන් මෙහිදී සිහිපත් කළා.
කෙසේවෙතත් ඒ එක් පුද්ගලයෙකුට හෝ ආසනයක්වත් ලබානොදුන් බවත් ආසන සියල්ල පනවා ඇත්තේ මහාසංඝරත්නයට බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා.
ඇතැම් පුද්ගලයින් තමන්ට රාජපක්ෂ නිකායේ භික්ෂූන්ලා යැයි අපහාස කළද මෙය කිසිසේත්ම දේශපාලනික රැස්වීමක් නොවන බව මුරුත්තෙට්ටුවේ හිමියන් වැඩිදුරටත් සදහන් කළා.



