මුස්ටෆිසූර් IPL තරගාවලියෙන් ඉවතට?

බංග්ලාදේශ වේගපන්දුයවන ක්‍රීඩක මුස්ටෆිසූර් රෙහෙමාන් මෙවර IPL තරගාවලියෙන් ඉවත් කරන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහු මිලදී ගත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට දන්වා තිබේ.

ඒ බංග්ලාදේශයේ මතුව ඇති දේශපාලන අර්බුද තත්ත්වය සැලකිල්ලට ගනිමින්ය.

2026 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය ඉකුත්දා පැවැති අතර මෙහිදී බංග්ලාදේශ වේගපන්දු යවන ක්‍රීඩක මුස්ටෆිසූර් රෙහෙමාන්ව සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් හිමිකාරිත්වය දරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තේය.

ඒ ඉන්දීය රුපියල් කෝටි 9යි දශම දෙකකටයි.

IPL ක්‍රීඩක වෙන්දේසියකදී බංග්ලාදේශ ක්‍රීඩකයෙකුට හිමි වූ වැඩිම වටිනාකම මෙය වන අතර මෙවර වෙන්දේසියේදී වැඩිම වටිනාකමක් හිමි වූ දෙවන ක්‍රීඩකයා වන්නේද මුස්ටෆිසූර් රෙහෙමාන්ය.

ඔහු මිලදී ගෙන මාසයක් ගතවීමටත් මත්තෙන් මුස්ටෆිසූර් රෙහෙමාන්ව IPL තරගාවලියෙන් ඉවත් කරන ලෙස ඔහු  මිලදී ගත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දන්වා තිබේ.

ඒ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර වර්තමානයේ උද්ගතව ඇති දේශපාලනික සහ රාජ්‍ය තාන්ත්‍රික නොසන්සුන්තා සැලකිල්ලට ගනිමින්ය.

මුස්ටෆිසූර් රෙහෙමාන් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය, කොල්කටා නයිඩ් රයිඩර්ස් කණ්ඩායමට අවස්ථාව ලබා දී තිබේ.

මුස්ටෆිසුර් 2016 වසරේදී IPL වරම් දිනා ගත් අතර ඔහු සන්රයිසස් හයිද්රාබාද්, මුබ්බායි ඉන්දියන්ස්, රාජස්ථාන් රෝයල්ස්,දිල්ලි කැපිටල් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් මීට පෙර නියෝජනය කළේය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *