මුහුදේදී ඇල්ලු බහුදින ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය

නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාවේ ‘අයිස්’ 350Kgකට අධික ප්‍රමාණයක් සහ රුපියල් බිලියන 5ක් පමණ වටිනා හෙරොයින් තිබූ බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර පවසනවා.

දික්ඕවිට වරායට ගෙන එන ලද බහුදින ධීවර යාත්‍රාවේ ‘අයිස්’ සහ හෙරොයින් අඩංගු බවටයි තොරතුරු වාර්තා වුණේ.

මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැකපිට දිවයිනට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් බහුදින යාත්‍රාව අද පෙරවරුවේ ගොඩබිමට රැගෙන එනු ලැබුවා.

මෙරට බහුදින ධීවර යාත්‍රාවකින් ලද තොරතුරක් මතයි මෙම මෙහෙයුම සිදුකෙරුණේ.

එහිදි අදාළ යාත්‍රාවේ සිටි හය දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් සඳහන් කළේ.

මේ අතර, විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ රටම එකට ජාතික මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසු ගත වූ දින දෙක තුළ සිදු කළ වැටලීම්වලදී සැකකරුවන් 2000 ඉක්ම වූ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහෙයුම් ආරම්භ කළ පළමු දිනයේ දී සැකකරුවන් 971 ක් දෙනෙකු සහ ඊයේ දිනයේදී සැකකරුවන් 1,076 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *