“මේක බැංකුවේ වැරැද්දක්.. RDA එක පලි නැහැ…”

මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) විසින් කිසිදු ආකාරයකින් අයථා ගෙවීම් සිදු කර නොමැති බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.

ඊයේ (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර ඔහු මේ බව අවධාරණය කළේ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් පසුගියදා සිදු කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.

මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ගිණුමෙන් හෝ වෙනත් කිසිදු ගිණුමකින් කිසිදු සමාගමකට හෝ කොන්ත්‍රාත්කරුවෙකුට එකම ගෙවීම දෙවතාවක් සිදු කර නොමැති බව ඔහු ප්‍රකාශ කළා.

මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය එකක් බවත් එය තමන් තරයේ හෙළා දකින බවත් ඔහු පැවසුවා.

මාර්ග සංවර්ධන අධිකාරියේ ගෙවීම් සිදු කිරීමේ පවතින සම්මත ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදු කර නොමැති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළා.

යම් හෙයකින් බැංකුවක් හරහා වැරදීමකින් අතිරික්ත ගෙවීමක් සිදුවී ඇත්නම්, එය මාර්ග සංවර්ධන අධිකාරියට අදාළ නොවන බවත්, අතිරික්ත ගෙවීමක් සිදුව ඇත්නම් එය බැංකුව සහ අදාළ කොන්ත්‍රාත්කරු අතර සිදු වූ ගනුදෙනුවක් පමණක් බවත්, අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

අධිකාරිය සතු කිසිදු මුදලක් මෙලෙස අවභාවිත වී හෝ වැරදි ලෙස ගෙවා නොමැති බව ඔහු නැවතත් තහවුරු කළා.

එහිදි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ,

“ඒ ගිහිල්ලා තියෙනවා කියලා කිව්වේ ලංකා බැංකුවෙන් නේ. මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ගිණුමෙන් වත් කිසිම ගිණුමකින් සතයක්වත් ඩබල් පේමන්ට් එකක් වෙලා නැහැ. ඒක අපි ඇශුවර් කරනවා. නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා කියනවා නම් ඒ කියන කාරණා ටික සම්පූර්ණයෙන්ම වැරදියි. ඒකයි මම ඉස්සෙල්ලාම වීඩියෝ එක ප්ලේ කරලා ඉවර වෙලා ඒ කියන කාරණා ටික එකින් එකට කඩලා පැහැදිලි කරලා කිව්වේ එතුමා කියනවා ප්‍රධාන ගිණුමෙන් ගියා කියනවා. ප්‍රධාන ගිණුමෙන් තියා අපි කියනවා අනු ගිණුමෙන්වත් සතයක්වත් ඩබල්ඩ් පේමන්ට් වෙලා නෑ කියලා. එයා කියනවා ඊට පස්සේ පේමන්ට් කරපු විදිහ වෙනස් කරලා තියෙනවා කියලා. එහෙම වෙනස් කළ නෑ පරණ විදිහටමයි ඇත්තටම පේමන්ට් ටික යන්නේ. කිසිවක් වෙනස් කළේ නෑ. එතකොට එතුමා කියන ප්‍රකාශය සියයට සීයක් වාක්‍යයක් පස වැරදියි. ඕවර් පේමන්ට් වෙලා තියෙනවා නම් වෙන බැංකුවකින් වැරදීමකින් ඒක මාර්ග සංවර්ධන අධිකාරියේ වගකීමක් නෙවෙයි. මාර්ග සංවර්ධන අධිකාරියේ සතයක්වත් නෙවෙයි. ඒක බැංකුව සහ කොන්ත්‍රාත්කරුවෙක් අතර වෙච්ච දෙයක්. එහෙම නැතුව මාර්ග සවර්ධන අධිකාරිය සහ බැංකුව අතරවත් මාර්ග සංවර්ධන අධිකාරිය සහ කොන්ත්‍රාත්කරුවා අතරවත් වෙච්ච ගනුදෙනුවක් නෙවෙයි. ඒක බැංකුවේ වැරැද්ද…”

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *