අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ කැඳවීමකට අනුව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද (13) උදෑසන අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබුණි.
මීට වසර 15කට පෙර ශ්රී ලංකා නිදහස් පක්ෂයට අදාළ ආයතනයක සිදුවූ වංචාවක් සම්බන්ධයෙන් ප්රකාශයක් සටහන් කරගැනීමට හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාව මෙලෙස අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබේ.
ඒ අනුව පැය 5ක පමණ කාලයක් ප්රකාශ සටහන් කිරීමෙන් අනතුරුව ඒ මහතා සවස 2ට පමණ අල්ලස් කොමිසමෙන් පිටව ගොස් තිබේ



