යටත්වීමද? මරණයද? – ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්

යටත් වීම හෝ මරණය තෝරා ගන්නා ලෙස ජනාධිපති ට්‍රම්ප් ඉරානයට අවසන් නිවේදනය දැනුම් දී තිබෙනවා.

ඉරානයට එල්ල කරන ප්‍රහාරයට ඇමරිකා එක්සත් ජනපදය සම්බන්ධ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරුකර තිබෙනවා.

එක්සත් ජනපද ජනාධිපතිවරයා ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාව වන Truth Social හි මිනිත්තු අටක වීඩියෝවක් පළ කර ඇති අතර ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරයට ඇමරිකා එක්සත් ජනපදය සම්බන්ධ බව එමඟින් තහවුරු කර තිබෙනවා.

ට්‍රම්ප් එහි පවසා ඇත්තේ එක්සත් ජනපදය ඉරානයේ “ප්‍රධාන සටන් මෙහෙයුම්” දියත් කර ඇති බවයි.

“අපි ඔවුන්ගේ මිසයිල විනාශ කර ඔවුන්ගේ මිසයිල කර්මාන්තය බිම හෙළීමට යනවා. එය සම්පූර්ණයෙන්ම විනාශ කරනු ඇත” යනුවෙන් ඔහු තවදුරටත් එහි දක්වා තිබෙනවා.

එමෙන්ම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ඉරානයට එල්ල කරන ලද එක්සත් ජනපද-ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරවල අරමුණ “ඉරාන පාලන තන්ත්‍රයෙන් ආසන්න තර්ජන තුරන් කිරීම” බවයි.

කෙටි කලකට පෙර, එක්සත් ජනපද හමුදාව ඉරානයේ ප්‍රධාන සටන් මෙහෙයුමක් ආරම්භ කළ බවත් ඔවුන්ගේ අරමුණ ඉරාන පාලන තන්ත්‍රයෙන් එල්ල වන තර්ජන තුරන් කිරීමෙන් ඇමරිකානු ජනතාව ආරක්ෂා කිරීම බවයි ඔහු පවසන්නේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *