රඛිත , චරිත්, අරුණ සමග විජේදාසත් ඩුබායිවල ඉඳලා

සංවිධානාත්මක අපරාධකරුවකුවකුට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ සිද්ධියකට අදාලව අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් නීතීඥ රඛිත නිර්මල රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත වසන්ත කුමාර අබේසිංහ සහ සිවිල් හා ගුවන් සේවා අධිකාරියේ ගුවන් තොටුපල හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ වරුෂහැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග යන තිදෙනා ඩුබායිවලට ගොස් එම මුදල ලබා ගෙන තිබෙන බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියා.

මෙම අල්ලස් මුදල ලබා ගැනීම සදහා මෙම සැකකරුවන් ඩුබායිවලට ගිය අවස්ථාවේදි හිටපු අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂද ඩුබායිවල සිට ඇති බව විමර්ශනවලින් අනාවරණය වු බව අල්ලස් කොමිස අධිකරණයට දැන්වුවා.

ඒ අනුව විජයදාස රාජපක්ෂ මෙම සිද්ධියට අදාලව කටයුතු කර තිබේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි අල්ලස් කොමිස වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සහකාර අධ්‍යක්‍ෂක නිතී අනුෂා සම්බන්ධප්පෙරුම දැන්වුයේ.

විජේදාස රාජපක්ෂ 23/03/21 සිට 23/03/28 දක්වා ඩුබායි රටේ රැඳි සිට තිබෙන බව ආගමන විගමන තොරතුරු වලින් තහවුරු වුණ බවයි අල්ලස් කොමිසම පවසා සිටියේ .

තවද ස්වාමිනි, ලසන්ත මංජුල සිල්වා නැමති පුද්ගලයාට නැවත ලබා දී ඇති ලක්ෂ 200ක මුදල ලබා දිලා තියෙන්නේ නුගේගොඩ , නාවල පාර, විජයබා මාවත නැමති ස්ථානයේදි බවත් එම නිවස අයිති විජේදාස රාජපක්ෂට බවත් අනාවරණය කරගෙන තියෙන බවයි අල්ලස් කොමිසම පවසා සිටියේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *