රනිල් කොටුව අධිකරණයට

පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (28) පස්වරු 1.25ට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණියා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාමට රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල අධිකරණයේ ගොනුවී තිබුණා.

ඒ අනුව ප්‍රකාශයක් ලබා දීම සඳහා පසුගිය අගෝස්තු මස 22වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් සිටියදී හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු මස 26 වැනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිට මේ වන විට ඇප මත මුදා හැර සිටිනවා.

ඒ අනුව, මෙම සිද්ධියට අදාල නඩුවට පෙනී සිටිම සඳහා හිටපු ජනපතිවරයා අධිකරණයට පැමිණියා.

හිටපු ජනාධිපතිවරයා අධිකරණයට පැමිණි අවස්ථාවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, නිමල් සිරිපාල ද සිල්වා ඇතුලු හිටපු මැති ඇමතිවරුන් පිරිසක් ද පැමිණ සිටියා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *