“රනිල් මහත්තයට දැන් සනීපයි.. ඒ නිසා අවුරුදු 20කට රට සුරක්ෂිතයි..”

භාණ්ඩාගාර ඉතිහාසයේ පළමු වතාවට භාණ්ඩාගාරය තුළ සොරකමක් සිදු වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසනවා.

අහිමි වූ මුදල් යළි ගෙවීම පහසු ක්‍රියාවක් නොවන බවත්, ඒ සඳහා පාර්ලිමේන්තුව කැඳවා අවසර ලබා ගත යුතු බවත් ජන හමුවක් අමතමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

මෙම අවස්ථාවේදී සියලු දෙනා එක්ව ජාතියක් ලෙස ඉදිරියට යා යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කල්පනා කරන බව ද, එසේ නොමැතිව ‘ගොඩ යාමක්’ නොමැති බව ද ඔහු පෙන්වා දුන්නා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනට යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත්, ඔහුට සිදු කළ සැත්කමට අනුව තවත් වසර 20 ක් යන තුරු, එනම් ඔහුට වයස අවුරුදු 97 ක් වන තෙක් ශ්‍රී ලංකාව සුරක්ෂිත වනු ඇති බවයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *