“රාජ්‍ය නායකයා කෝට්ටේ සංඝ සභාව පැත්ත පළාතේ ආවේ නෑ…”

ව්‍යසනය අවස්ථාවේ භික්ෂුන් වහන්සේලා ගේ කාර්යභාරය උන්වහන්සේලා මැනවින් ඉටු කල බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්මමහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී ල ජේෂ්ඨ මහාචාර්ය අග්ගමහාපණ්ඩිත කොටපිටියේ රාහුල අනුනාහිමියන් පැවසූහ.

පානදුර ඓතිහාසික ගල්ගොඩ ශ්‍රී මහා විහාරය ඇතුළු පංච මහා විහාරාධිපති පානදුර කළුතර දෙතොටමුණේ ප්‍රධාන සංඝනායක විචිත්‍රභාණී රත්නපුර පොතුපිටියේ පඤ්ඤාසේකර නාහිමියන් දිවි මගෙහි වසර 60 පැවිදි දිවියෙහි වසර 45 , උපසම්පදා දිවියෙහි වසර 40 ල ගල්ගොඩ ශ්‍රී මහා විහාරාධිපති ව වසර 25 සපිරීම සහ උන්වහන්සේ රටට දැයට සහ ශාසනයට කල මෙහෙවර අගයමින් පැවති පුණ්‍යෝතවයේ ප්‍රධාන අනුශාසනාව සිදු කරමින් අනුනාහිමියෝ එසේ වදාලහ.

කෝට්ටේ ශ්‍රී කළ්‍යාණී සාමග්‍රී ධර්මමහා සංඝ සභාවේ මහානායක ල සාහිත්‍යසූරී, අචාර්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහනාහිමියන් ගේ මූලාසනයෙන් පැවති මෙම අවස්ථාවට මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකතුමන්ලා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිලන්ති කොට්ටහච්චි, චන්දිම හෙට්ටිආරච්චි, නාමල් රාජපක්ෂ, හිටපු කථානායක කරූ ජයසූරිය , හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න, පානදුර නගර සභාවේ සභාපති හේමකුමාර ප්‍රේරා යන මහත්ම මහත්මීන් ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඤයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

එහිදී කොටපිටියේ රාහුල අනුනාහිමියන් වැඩිදුරටත් මෙසේ ද අනුශාසනා කලහ.

අපිට ඕන කරන්නේ බේද බින්න වෙන්න නෙමෙයි, සමගි වෙන්නයි. අපි හැමදාමත් කියන්නේ සමගිව වැඩ කරන්න කියයි. පානදුරට අද ඒ අවස්ථාව ලබා දීම ගැන පඤ්ඤාසේකර නායක හාමුදුරුවන්ට ස්තුතිවන්ත විය යුතුයි. සමාජයේ වැඩ කරන විට එක පිරිසක් විතරයි වටින්නේ , අනෙක් පිරිස වටින්නේ නැහැ කියල හිතන්න හොඳ නැහැ. විවිධ මතවාද දරන අය සමාජයේ ඉන්නවාගඒ කිසි කෙනෙක්ව ප්‍රතික්ෂේප කරන්න එපා. හැමෝගෙන්ම වැඩ ගන්න ඕන. හැමෝටම කාර්ය පවරන්න ඕන.

භික්ෂුන් වහන්සේලා හැටියට අපි මේ යථාර්ථය දකින්න ඕනගභික්ෂුන් වහන්සේලා හැටියට අපි කවදාවත් දේශපාලනය කරලා නැහැ.මේ රටේ භික්ෂුන් වහන්සේලාගේ තරම අපිට පසු ගිය දිනවල තේරුම් ගන්න පුළුවන් වුනා. ව්‍යවසනය වෙලාවේ භික්ෂුන් වහන්සේලා ගේ කාර්යභාරය උන්වහන්සේලා ඉටු කළා.

භික්ෂුන් වහන්සේලා බෙදා ගෙන තමන්ට ආවඩන භික්ෂුන් වහන්සේලා විතරයි හොඳ නියම භික්ෂුන් වහන්සේලා අනික් අය භික්ෂුන් වහන්සේලා නෙමෙයි කියල හිතනවා නම් ඒක මේ රටේ ඉතාම ශෝචනීය තත්වයක්.

අපේ මහනායක හාමුදුරුවෝ වැඩ ඉන්නේ කොළඹ. අපේ සංඝ සභාව කෝට්ටේ සංඝසභාව. කෝට්ටේ රාජමහා විහාස්ථානය අග නගරයේ තියෙන පැරණිම පන්සල. අපේ මහනායක හාමුදුරුවෝ වැඩ ඉන්නේ ඊට කිට්ටුව පන්සලක රුක්මලේගමට කොයි විදියට දොස් කියයි ද දන්නේ නැහැ. මම ඒ ඕන දේකට ලෑස්තියි. මේ රටේ රාජ්‍ය නායකයා අද වෙනකන් අපේ මහනායක හාමුදුරුවන්ව හම්බවෙන්න ගියේ නැහැ. අමතක කරන්න එපා.අපේ කෝට්ටේ සංඝ සභාවේ පන්සල් නවසියයකට අධික ප්‍රමාණයක් තියෙනවාගඅපේ මහනායක හාමුදුරුවෝ සියලු දේශපාලනඤයන්ව ආශ්‍රය කළා. හැමෝටම අවවාද කළාගආශිර්වාද කලා. මාදුළුවාවේ සෝහිත නාහිමියන් ල බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් වැනි හාමුදුරුවන් වහන්සේලා සමග හැමදාම දේශපාලනයට උපදෙස් දුන්නා. කොහෙවත් දේශපාලනයක අපි හිර වෙලා නැහැ. මහනායක හාමුදුරුවන් පිළිබඳව පුර්ව නිගමනයක ඉන්නවද දන්නේ නැහැ. රාජ්‍ය පාලකයාට අද වෙනකන් අපේ මහනායක හාමුදුරුවන් මුණ ගැහෙන්න බැරි වුනාගලෝකයෙන්ම එන දුත පිරිස්, රටේ විවිධ පිරිස් මහනායක හාමුදුරුවන්ව හමු වෙන්න එනවා.

මේ රටේ භික්ෂුන් වහන්සේලාව බෙදා ගන්න එපා. අඩු වැඩි වශයෙන් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. භික්ෂුන් වහන්සේ මොනවා කීවත් ඒවා අහන් ඉඳීමේ පෞරුෂය දේශපාලනයන්ට තිබිය යුතුයි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාව ඉදිරියෙන් තියා ගෙන වරක් මම කිව්වා. එතුමා අමාරුවෙන් වුනත් අහන් හිටියා. චන්ද්‍රිකා කුමාරණතුංග මැතිනිය ඉදිරියේ තියා ගෙන දොස් කියලා තියෙනවාගකවදාවත් එතුමිය අපිට දොස් කියල නැහැ. මහින්ද රාජපක්ෂ මහතාට අපි දොස් කියල තියෙනවා. මේ වැඩේ කරන්න එපා කියලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ඔවුන් අදටත් උපදෙස් ගන්නවා.

මෙතන අපි දන්න මන්ත්‍රීවරු ඉන්නවා. ඔබතුමන්ලා එක්ක අපි තරහ නැහැ. හැබැයි ඔබතුමන්ලා අපිව හම්බවෙන්න එන්නෙත් නැහැ. අපි ඔබතුමන්ලාට විරුද්ධ නෑනේ. ඔබතුමන්ලාට පෞද්ගලිකව විරුද්ධ නැහැ.ඔබතුමාලගේ පෞද්ගලික තොරතුරක් අපි දන්නේ නැහැ.

අපේ පොතුපිටියේ පඤ්ඤාසේකර නායක හාමුදුරුවෝ කවුරුත් ඕනෑ. කා එක්කත් වැඩ කරන්න ඕනෑ කියන සංකල්පයෙන් වැඩ කරනවා. උන්වහන්සේට අපි ආශිර්වාද කරනවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *