“රාජ්‍ය ලාංඡනය විකෘති කිරීම ගැන SLCERT වෙත පැමිණිලි කළා..”

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ වෙබ් අඩවිය මීට මාස දෙකක පමණ සිට අවස්ථා දෙකකදී හැක් කිරීමට ලක්ව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) වෙත පැමිණිලිකර තිබෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අමාත්‍යංශ වෙබ් අඩවියේ රාජ්‍ය ලාංඡනය විකෘතිකර තිබීම ගැන අදහස් දක්වමින්.

එම රාජ්‍ය ලාංජනය විකෘති කිරීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *