රුසියානු ධජය යටතේ යාත්රා කළ තෙල් නැවක් අත්අඩංගුවට ගැනීමට අමෙරිකානු හමුදා සමත්ව තිබෙන බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
මෙය අදාළ රුසියානු යුද නැව සහ සබ්මැරීනය නියමිත ස්ථානයට ළඟා වීමට පෙර සිදුකළ ඉතා තීරණාත්මක මෙහෙයුමක් ලෙසයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.
මීට පෙර ‘Bella 1’ ලෙස හැඳින්වුණු, දැනට ‘Marinera’ ලෙස නම් කර ඇති රුසියානු ධජය සහිත තෙල් නැවක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය (US Coast Guard) විසින් මෙම නෞකාව අත්අඩංගුවට ගෙන ඇති අතර, රුසියානු සබ්මැරීනයක් සහ යුද නැවක් මෙම නෞකාවට ආරක්ෂාව සැපයීම සඳහා ළඟා වෙමින් සිටියදී අමෙරිකානු හමුදා එය සිය ග්රහණයට ගෙන තිබෙන බව සඳහන්.
වෙනිසියුලාවට එරෙහිව පනවා ඇති අමෙරිකානු සම්බාධක උල්ලංඝනය කරමින් තෙල් ප්රවාහනය කිරීම මෙම නෞකාවට එරෙහි චෝදනාවයි.



