රේගුවේ සිරවී ඇති වාහන නිදහස් කිරීමට ගැසට් නිවේදනයක්

රේගුවේ සිරවී ඇති වාහන නිදහස් කිරීම සඳහා නව කොන්දේසි ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාවරයා  ලෙස  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව ඊයේ (24) සිට බලපැවැත්වෙන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මෙම වසරේ පෙබරවාරි මාසයේ සිට වාහන ආනයනය සඳහා අවසර ලබාදුන්නද වාහන දහසකට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා රේගුවේ සිරවී තිබුණි.

ඒ 2013 අංක 02 දරන ආනයන හා අපනයන ගැසට් නිවේදනයේ රෙගුලාසිවලට පටහැනිව අදාළ වාහන ආනයනය කිරීම හේතුවෙන්ය.

මෙම නව ගැසට් නිවේදනයට අනුව වරායෙන් නිදහස් කර ගැනීම සඳහා අවසර ලැබෙන්නේ ආනයන කරන ලද රටින් බැහැරව වෙනත් රටකින් විවෘත කරන ලද ණයවර ලිපිවලට(cross-border LC) අදාළවන වාහන දහසකට ආසන්න සංඛ්‍යාවක් බව සඳහන් වෙයි.

ඒ අනුව මෙම වාහන නිදහස් කිරීමට අදාළ කොන්දේසි ගණනාවක් වාහන නිදහස් කිරීමේදී සහ ලියාපදිංචි කිරීමේදී මෙම ගැසට් නිවේනදය මගින් ඉදිරිපත් කර ඇත.

ජනාධිපතිවරයා විසින් නිකුත් කළ එම ගැසට් නිවේදනය පහතින්,

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *