ලංවිම සේවකයින් 2,000 ක් ඉවත්වීමට ඉල්ලයි

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අනුව ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරි දිනකදී අහෝසි කිරීමට නියමිත අතර ඒ වෙනුවෙන් පිහිටුවන ලද සමාගම් හතරට සේවකයන් අනුයුක්ත කර තිබේ. ඒ අනුව නව සමාගම් යටතේ සේවය කරන්නේද එසේත් නැතිනම් වන්දි ලබා ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යන්නේද යන්න තීරණය කිරීම සඳහා සේවකයන්ට ලබා දී තිබූ කාලය අදින් නිමාවට පත්වෙයි.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ සේවයෙන් වන්දි ලබා ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යෑම සඳහා 2000 කට අධික සේවක පිරිසක් ඉල්ලුම් කර ඇතැයි වාර්තා වෙයි.

ලංකා විදුලි බල මණ්ඩලයේ මුළු සේවකයන් සංඛ්‍යා 22,000 ක් පමණ වන අතර ඉන් 20,000 ක් පමණ පිරිසක් අලුතින් පිහිටුවන ලද සමාගම්වල සේවය කිරීම සඳහා කැමැත්ත ප්‍රකාශ කරමින් ලිපි ලබාදී ඇතැයි ද, සේවකයන් 2000 ක් පමණ වන්දි ලබා ස්වේච්ඡාවෙන් විශ්‍රාම යෑමට කැමැත්ත පළ කර ඇතැයි ද විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග අනුව වාර්තා වෙයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *