ලෝක කුසලානයට පාකිස්ථානයේ සහභාගීත්වය තවමත් වැට උඩ

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් ලබන මස ආරම්භ වීමට නියමිත පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වර්ජනය කිරීමේ හැකියාව ඇතුළු සියලු විකල්ප තවමත් විවෘතව පවතින බව පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ (PCB) සභාපති මොහොසින් නක්වි පවසනවා.

ඊයේ (26) පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සමග පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

එසේම තරගාවලියට සහභාගී වන්නේද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය ලබන සිකුරාදා (ජනවාරි 30) හෝ සඳුදා (පෙබරවාරි 2) දින ලබා දීමට දෙපාර්ශවයම එකඟ වී තිබෙනවා.

පාකිස්ථානය තරගාවලියට සහභාගී වුවද, ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තරගය පමණක් වර්ජනය කිරීමේ හැකියාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඉන්දියාවේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් බංග්ලාදේශය තරගාවලියෙන් ඉවත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් පාකිස්ථානය සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *