ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී ඇත.

“ආදරෙන් සුරකින්න- අපිට ලොව දිනන්නට” තේමාව යටතේ ලෝක ළමා දිනයත් “පරපුරක් තැනූ පරපුරක් රැකගනිමු” තේමාවෙන් ලෝක වැඩිහිටි දිනයත් අද දිනයේ සමරනු ලැබේ.

දිවයින පුරා පාසල්වල ළමා දිනයට සමගාමීව විවිධ උත්සව සහ ක්‍රියාකාරකම් සංවිධානය කර ඇති අතර ළමා දිනය වෙනුවෙන් පසුගිය 25 දා සිට ජාතික ළමා දින සතියක් ක්‍රියාත්මක වූ අතර වැඩිහිටි දිනය වෙනුවෙන් අද (01) සිට 7 දා දක්වා සැමරුම් සතියක් ක්‍රියාත්මකයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *