වත්තල තිබ්බ වෙඩිල්ලේ සැකකරුවන් දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස බෝට්ටුවකින් ධනුෂ්කොඩි වෙත පැමිණි ශ්‍රී ලාංකික දෙදෙනෙකු ඉන්දීය වෙරළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 30 සහ 31 යන වයස් කාණ්ඩවල පසුවන මොවුන් වත්තල ප්‍රදේශයේ පදිංචි අය බව සඳහන්ය. 

පසුගිය බ්‍රහස්පතින්දා දින වත්තල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමට මොවුන් සම්බන්ධදැයි මෙරට බලධාරින් සැක පළ කරන බව ද හින්දු පුවත්පත වාර්තා කළේය.

එමෙන්ම මොවුන් දෙදෙනාට එරෙහි ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු තුනක් ද ගොනු ඇති බවට තොරතුරු වාර්තා වෙයි. 

මෙරට බලධාරින් විසින් ඔවුන්ව භාරදෙන ලෙසට ඉල්ලා සිට ඇති බවත් සැකකරුවන් මේ වනවිට තිරුචි මධ්‍යම බන්ධනාගාර පරිශ්‍රය තුළ ඇති විශේෂ කඳවුරට රැගෙන ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.

සතියක් ඇතුළත ඔවුන් ශ්‍රී ලංකාවට ආපසු යැවීමට අපේක්ෂා කරන බව වැඩිදුරටත් සඳහන්ය.

මෙම සැකකරුවන් දෙදෙනා පසුගිය 23 වෙනිදා පේසාලේ ප්‍රදේශයේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාව බලා ගොස් ඇති අතර ඔවුන් ඊයේ (24) අලුයම හතරට පමණ ධනුෂ්කෝඩි වෙරළට පැමිණ තිබේ.

අදාළ බෝට්ටු ගමන සඳහා ලක්ෂ තුනක මුදලක් ලබාදී ඇති බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *