වනිඳුට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට පාදයේ මාංශ පේශි ආබාධයක් ඇතිවීම හේතුවෙන් මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය බොහෝවිට අහිමිවීමට ඉඩ ඇති බව වාර්තා වෙයි.

වනිඳු හසරංග වෙනුවට ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා තුන් ඉරියව් ක්‍රීඩක දුෂාන් හේමන්ත ආදේශ කරනු ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය අයර්ලන්තයට එරෙහිව ඉකුත් 8 වනදා පැවැති අතර එම තරගයේදී වනිඳු හසරංග මෙලෙස ආබාධයකට ලක්වී තිබුණි. 

එම තරගයේදී ලකුණු 20ක  ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූවාය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *