පවතින ගෝලීය තත්ත්වය තේරුම් ගෙන රට තුළ ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය කළමනාකරණය කිරීමට රජයට සහයෝගය ලබා දෙන ලෙස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියා.
මහජනතාවට සාමකාමීව සහ බාධාවකින් තොරව ඉන්ධන බෙදා හැරීමට බාධා කිරීමට උත්සාහ කරන ඕනෑම පුද්ගලයෙකුට මෙන්ම කඩාකප්පල්කාරී ලෙස යම්කිසි කෙනෙකුට අසත්‍ය තොරතුරු, දුස්තොරතුරු සමාජගත කිරීමට උත්සහ කළහොත් ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවද ඔහු අවධාරණය කළා.
ඉන්ධන බෙදා හැරීම සහ පරිභෝජනය කළමනාකරණය කිරීම සඳහා බොහෝ රටවල් විවිධ පියවර ගෙන ඇති අතර, ගන්නා ඕනෑම පියවරක් රටේ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයට හානියක් නොවන බවට ශ්‍රී ලංකා රජය සහතික විය යුතු බව ඔහු සඳහන් කළා.
රජය අවශ්‍ය සැලසුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන අතරම, එවැනි පියවර රටේ වත්මන් ආර්ථික ස්ථාවරත්වයට ඇති කළ හැකි බලපෑම පිළිබඳව රජය සහ මහජනතාව යන දෙදෙනාම සිහියෙන් සිටිය යුතු බව ඔහු සඳහන් කළා.
එබැවින්, ජාතික ඉන්ධන අවසර පත්‍ර QR කේත පද්ධතිය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියා.



