විදුලි සේවකයින්ගේ වැඩ වර්ජනය අඛණ්ඩව

සිය ඉල්ලීම් සඳහා සාධනීය පිළිතුරක් ලැබෙන තෙක් සිය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විදුලි සේවක වෘත්තීය සංගම් පවසයි.

නව විදුලි සංගම් ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලි තාක්ෂණික ඉංජිනේරු සහ අධිකාරී සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර මහතා,

“අද සාකච්ඡාවක් පැවැත්වුවා වෘත්තිය සමිති සහ විදුලිබල මණ්ඩලය අහෝසි කරලා පිහිටවූ සමාගම් 4ක සභාපතිවරු සහ ප්‍රධාන විධායක නිලධාරීන් අතර. අපි මේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කරන්න හේතුවෙච්ච ඉල්ලීම් 8ක් තිබුණා. ඒ ඉල්ලීම් 8 ප්‍රධාන කාරණාවක් වුණා සාමුහීක ගිවිසුමක් අත්සන් කිරීම, අලුතින් පිහිටවූ සමාගම්වල පාලනාධිකාරිය සහ ඒ සේවකයින් නියෝජනය කරන වෘත්තිය සමිති නියෝජිතයින් අතරේ. ඒ සාකච්ඡාවේදී වෘත්තිය සමිති ඉදිරිපත් කරලා තියෙන සාමුහික යෝජනා සම්බන්ධව ඉතා සාධනීය සාකච්ඡාවක් පැවැත්වුවා. නමුත් ගැටලුවක් විදිහට ඉතුරු වුණේ මේ සාමුහික යෝජනාවේ අපි ඉල්ලපු කරුණු 6ක් සම්බන්ධයෙන් අද මේ කරුණු සාකච්ඡා කරපු නිලධාරීන්ට පැහැදිලි උත්තරයක් දිය නොහැකි බව තමයි ඔවුන් ප්‍රකාශ කළේ. එහිදී අපි ඒ නිලධාරීන්ට දැන්වුවා මේ පිළිබඳව තීන්දු තීරණ ගන්න පුළුවන් විශේෂයෙන් ජනාධිපතිවරයා සහ අමාත්‍යවරයා තමයි මේ තීන්දු තීරණ ගන්න ඕනේ. අද දවසේ ඒ සාකච්ඡාව ලැබුණොත් ඒකෙදි අපිට තීරණයක් ගන්න පුළුවන් වැඩවර්ජනය අවසන් කිරීම පිළිබඳව. ප්‍රධාන කරුණු 6 සඳහා යහපත් සාකච්ඡාවක් ලැබුණේ නැත්නම් අපිට ඉදිරි පැය 24 ඇතුළේ ඊළඟ පියවරට යන්න වෙනවා.”

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *