2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ශ්රී ලංකා සංචාරයට විරෝධය පළ කරමින් කොළඹ තුම්මුල්ලේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ආසන්නයේ පැවති උද්ඝෝෂණයකට අදාළ නඩුවේ සැකකරුවෙකු වන හිටපු අමාත්ය විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.
කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.
2016 වසරේදී සෙයිද් රාද් අල් හුසේන් කුමරු ශ්රී ලංකාවට පැමිණි අවස්ථාවේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් මහජන ප්රවාහනයට බාධා කිරීම සම්බන්ධයෙන් සිනමන් ගාඩ්න්ස් පොලීසිය විසින් මෙම නඩුව පවරා තිබෙනවා.
පොලීසිය විසින් පොලිස් ආඥා පනත සහ 1973 අංක 37 දරන ජාතික මාර්ග පනත උල්ලංඝනය කළ බවට සැකකරුවන්ට චෝදනා එල්ල කර ඇති බව සඳහන්.



